පුද්ගලයින් 133 දෙනෙකු සමඟ චීන ගුවන් යානයක් කඩා වැටෙයි

පුද්ගලයින් 133 දෙනෙකු සමඟ චීන ගුවන් යානයක් කඩා වැටෙයි

‘චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් මගීන් 133දෙනකු රැගත් රට අභ්‍යන්තර චීන මගී ගුවන් යානයක් නිරිතදිග චීනයේ දී අනතුරට ලක්ව තිබේ..

බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ගුවන්ෂි පළාතේ වූසෝ නගරයට නුදුරින් කඩා වැටුණු බව චීන මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානය කන්දක හැපී විනාශ වී ඇතැයි ද පැවැසේ.

යානය අනතුරට පත්වූයේ කෙසේදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර මෙම සිදුවීම සම්බන්ධව පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn