මාරුතු 05 වෙනිදායින් පසු විදුලිය විසන්දි වීමක් සිදු නොවන බවට ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රකාශ කළද මේ වනවිට එම පොරොන්දුවද කඩ වී තිබේ.
අද (06) දිනයේද බොහෝ ප්‍රදේශවලට විදුලිය විසන්දි වීම් සිදු කෙරුණු අතර හෙට (07) දිනයේද පැය 07.30ක විදුලි කප්පාදුවක් සඳහා සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ඒ අනුව හෙට උදෑසන 08 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය 07.30ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
හෙට පෙරවරුවේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ.
එමෙන්ම P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට උදෑසන 09.00 සිට රාත්‍රි 09.00 දක්වා වු කාලය තුළ පෙරවරුවේ පැය දෙකකුත් පස්වරුවේ පැයකුත් ලෙස පැව 03ක කායලයක් විදුලි කප්පාදුක් සිදුකරන බවද එම කොමිසම සඳහන් කරයි.
1










