මහාධිකරණ විනිසුරු වරුන් 13 දෙනෙකු ඊයේ (03) පත්කිරීමත් සමග ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් මේ වනවිට ඉහළ අධිකරණ සඳහා විනිසුරුවරුන් 65 දෙනෙකු පත් කර තිබේ.
මෙම 65 දෙනා සඳහාම පත්වීම් ලිපි ලබාදීම සහ දිවුරුම්දීම ගෝටාබය රාජපක්ෂ ඉදිරියේ සිදු කර ඇත. මුල්ම පත්කිරීම 2019 දෙසැම්බර් 16 වෙනි දින සිදුකර ඇති අතර අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දේවිකා අබේරත්න පත්කිරීම සිදු කර තිබේ. ඉන් පසුව අවස්ථා 09කදී විනිසුරුවරුන් 65ක් පත් කර ඇත.
වර්ෂ 2020 දෙසැම්බර් පළමුවෙනි දින නව විනිසුරුවරුන් 21 දෙනෙකු උපරිමාධිකරණවලට පත්කර තිබේ. එයට පෙර වැඩිම පිරිසක් 2020 සැප්තැම්බර් 14 වෙනිදින සහ 2021 පෙබරවාරි 10 වෙනි දින 12 දෙනෙකු බැගින් පත් කර ඇත. මෙම පත්කිරීමි සිදු කර ඇත්තේ ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී අවුරුදු දෙකහමාරක් තුළය. අධිකරණ සේවා කොමිෂන් සභාව නාමිකව පවතින අතර ජනාධිපති විසින් පත් කිරීම විශේෂත්වයකි.










