රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේදී එහි සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදී ඇති වාර්තාව අනුව රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි අරුන්දික ප්‍රනාන්දු ඉන් නිදොස් කොට නිදහස් කර ඇත.
එම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි අරුන්දික ප්‍රනාන්දු කිසිඳු අනුදැනුමක් හෝ බලපෑමක් සිදුකර නැති බව පරීක්ෂණයේ දී නිරීක්ෂණය වූ බව කමිටුව සඳහන් කර තිබේ.
නීතිය අපක්ෂපාතීව ඉටුකිරීම සඳහාද ඔහු ඉඩ ප්‍රස්තාව සලසා දී ඇති බවද වාර්තා කර තිබෙන බවද එහි සඳහන් කර ඇත.
සියලු කරුණු සැලකිල්ලට ගෙන හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අරුන්දික ප්‍රනාන්දු නිර්දෝෂී අයෙකු බව නිගමනය කරන බව අදාළ කමිටු වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
1









