“විවේචන දරාගන්න බැරිව ආණ්ඩුව ඇමතිවරුන් නෙරපනවා” – වෛද්‍ය නලින්ද ජයතිස්ස

“විවේචන දරාගන්න බැරිව ආණ්ඩුව ඇමතිවරුන් නෙරපනවා” – වෛද්‍ය නලින්ද ජයතිස්ස

ආණ්ඩුව හරි මගට ගැනීමට සමුළු තැබූ විමල් වීරවංශගේ හා උදය ගම්මන්පිලගේ ඇමති ඇඳුම් ආණ්ඩුව විසින් මහ මග ගලවා දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ පක්ෂ 11ක නායකයන් රැස්වීම් තබමින් ප්‍රකාශ කළේ, ආණ්ඩුව හරි මගට ගත යුතු බවයි. එහිදී සීනි, පොල්තෙල් බදු වංචා ඇතුළු සහ මාර්ග කාපට් කිරීම යන කාරණා පිළිබඳ හෙළිදරව් කළ බවත් ආණ්ඩුව තමන්ට එල්ල වන විවේචනයක්වත් දරා ගත නොහැකි බැවින් තමන් ළඟම සිටි පුද්ගලයන් ඇමති ධූරවලින් නෙරපා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

විශේෂයෙන්ම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ දිවුරුම් දෙනවිට ප්‍රකාශ කළේ, විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත් කරන බව වුවත් එවැනි විද්‍යාත්මක බවක් පෙනෙන්ට නොමැති බවත් ඔහු කී ය.

කැබිනට් සංශෝධනයක් මගින් රට සංවර්ධනය කිරීමක් සිදු නොවන අතර එහිදී සිදුවන්නේ, දේශපාලන මිතුරන් සතුටු කිරීමත් තමන්ට විරුද්ධව කටයුතු කරන අය නොසලකා හැරීමත් පමණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

මව්බිම – අනුරාධා හේරත්

Facebook
Twitter
LinkedIn