මැච් එක පැරදියි…
අපේ නායකයා කාසිය වාසිය දිනලා පන්දු යවන්න තීරණය කරා. අපේ හොදම පන්දු යවන්නන් දෙන්නෙක් වුන වනිදු, මහීෂ් නැතුව කාසිය වාසිය දිනලා ඉන්දියාව වගේ හොද පිතිකරුවන් ඉන්න රටකට මුලින්ම පන්දුවට පහර දෙන්න ආරාධනා කරනවා කියන්නේ මොන තරම් නරක දෙයක්ද කියලා ඔප්පු උනා. සමහරවිට අපි හඹා ගොස් ජයග්‍රහණය කරපු මානසිකත්වයෙන් හිටපු නිසා එහෙම කරාද දන් නැ…
පන්දු යැවීමේ ඉදන්ම අද අපි අසාර්ථක වුනා.
පලවෙනි පවර්ප්ලේ එකේ ඉදන්ම අපි හොද දේවල් කරේ හුගාක් අඩුවෙන්…
විශේෂයෙන්ම ඉශාන් කිශාන් පන්දුවට පහර දෙද්දි එයාව දවා ගන්න ප්ලෑන් එකක් ගැහුවද කියලා ප්‍රශ්නයක් ?
මොකද ඉශාන්ව දවා ගන්න පසුගිය කොදෙව් තරගාවලියේ කොදෙව්වන් ගහපු ප්ලෑන් එකක්වත් අපේ අය ගැහුවේ නැති එක පුදුමයි. ඉශාන් කියන්නේ වේගයෙන් ලකුණු රැස් කරන කෙනෙක්. ඉතිං එයාට නිමා වුනු කොදෙව් තරගාවලියේ කොදෙව්වන් පවා බෝල් කරේ ලයින් ඇන්ඩ් ලෙන්ත් විකට් ටු විකට් තමයි බෝල් කරේ. එයාලා ගුඩ් ලෙන්ත් එකේ බෝල් කරා. ඉතිං ඒ වෙලාවේ ඉශාන් අනවශ්‍ය පහරවල් වලට ගිහින් කඩුල්ල පූජා කරා. හැබැයි අපි ඒ දේ කරේ නැ. එයාට slot එකටම බෝල් කරා. විශේෂයෙන්ම විකට් එකෙන් එළියට බෝල් කරද්දි ඉශාන්ට හරි ලේසියි බවුන්ඩ්‍රියක් ගහන්න. ඉතිං ඉශාන් දවා ගන්න අපි ගහපු ප්ලෑන් අසාර්ථක වුනා.
ඒ වගේම පවර්ප්ලේ එකේ ස්ලෝ බෝල් යැව්වේ අපේ අය හුගාක් අඩුවෙන්. අපි දැක්කා ඉන්දියාව පන්දු යවද්දි කොච්චර ස්ලෝ බෝල් ටිකක් පවර්ප්ලේ එකේ අපිට දැම්මද කියලා. එයාලා පටන් ගත්තෙම ස්ලෝ බෝල් වලින්. ඒත් අපෙන් ඒක වුනේ හුගාක් අඩුවෙන්.
අපි දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් ඉන්දීය කන්ඩායම කියන්නේ පේස් එක දෙන්න දෙන්න හොදර ගහන ටීම් එකක් ! ඒක නිසා අපි හැමවෙලාවෙම බෝලේ වේරි කරන්න ඕනි. හැබැයි මං හිතනවා අපෙන් ඒ දේ වුනා මදියි.
ඒ වගේම ඉශාන් කිශාන් ලබා දුන්න උඩ පන්දුවක් ජනිත් ලියනගේ අතින් මග හැරෙනවා. අවසානයේ ඒක බරපතල හානියක් කරනවා අපිට.
ඒ වගේම පන්දු රකින්නන් යොදා ගත්ත විදිහ ගැන සතුටු වෙන්න බැ…
දසුන් ශානක 17 වෙනි පන්දුවාරයේ එයාගේ දෙවෙනි පන්දුවාරය ක්‍රියාත්මක කරලා ලකුණු 8කට කඩුල්ලක් දවාගෙන ඉතාම හොදින් පන්දු යවනවා. එහෙම තියෙද්දි එයා 19 වෙනි පන්දුවාරය තමාව විශ්වාස කරන්නේ නැතුව ඕවර තුනට ලකුණු 28ක් වැදිලා හිටපු චාමිකව අරන් එනවා.
චාමිකට ඒ ඕවරයේ ලකුණු 18ක් වදිනවා. නායකයෙක් විදිහට මීට වඩා එයා එයාව විශ්වාස කරන්න ඕනි. මොකද ඉන්දියාව වගේ පේස් එකට හොදට ගහන රටවල් වලට දෙයක් කරන්න පුළුවන් පන්දු යවන්නෙක් තමයි ශානක කියන්නේ. ඒකත් විශේෂයෙන්ම ආසියානු තණතීරුවල. ඉතිං ශානක නායකයා විදිහට පන්දු යවන්නන් යොදා ගත්තු විදිහ සහ තමන්ව අවතක්සේරු කරපු එක ප්‍රශ්නයක් ?
කොහොම හරි ඉන්දියාව ලකුණු 199ක් ගහනවා.
අවාසනාවන්ත විදිහට නිස්සංක පලවෙනි බෝලෙන්ම දැවී යනවා. ස්කෝර් බෝඩ් ප්‍රෙෂර් එකත් එක්ක පලවෙනි බෝලෙන්ම අපි පරාජය වෙලා ඉවරයි.
කමිල් මිෂාර පන්දුවට පහර දුන්නේ කිසිම විශ්වාසයක් නැතුව. ඒක ඔහු ක්‍රීඩා කරපු විදිහෙන් තේරුනා. අවසානයේ ඔහුත් දැවී යනවා.
මේ තරගයේ නොම්බර තුනට එන්නේ ජනිත් ලියනගේ. මං හිතන්නේ ජනිත් එවන්න ඇත්තේ ටැක්ටිකල් moment එකක් විදිහට වෙන්න ඕනි. මොකද නිස්සංක දැවි යද්දි පිටියේ ඉන්නේ වමත් පිතිකරුවෙක් ! ඉතිං වමත් දකුණත් සුසංයෝගය ඇති කරන්න ඕනි නිසා වෙන්න ඕනි ජනිත් වේලාසනින්ම එවන්නේ.
ජනිත් කියන්නේ ඉක්මනින් එක දාන පිතිකරුවෙක් ! හැබැයි එයා බැට් කරපු විදිහ බැලුවොත් ලේසි වුනේ නැ එයාට ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ස්ට්‍රයික් එක රොටේට් කරන්න. අවසානයේ නිවැරැදි පහරක් තෝරා ගන්නේ නැතුව ප්‍රහාරයකට ගිහින් ජනිත් දැවි ගියා.
අසලංක නොම්බර හතරට එවපු එකේ මං වරදක් දකින්නේ නැ… අසලංක කියන්නේ නොම්බර තුන ගහන්න ඕනි පිතිකරුවෙක් ! හැබැයි අපිට පුළුවන් සිටුවේෂන් එක එක්ක අසලංක එහා මෙහා කරලා ටැක්ටිකල් පාර්ට් එකක් තියෙයි නම් ඒක කරන්න. මොකද කුසල් මෙන්ඩිස් වගේ නිශ්චිත ස්ථානයක විතරක් සාර්ථක වෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි අසලංක කියන්නේ. එයාට ඕනි තැනක් ගහන්න හැකියාව තියෙනවා.
ඉතිං අසලංක ගහපු අර්ධ ශතකය සමහරුන්ට ආත්මාර්ථකාමී ඉනිමක් වෙන්න ඇති. ඒත් තරගයේ ජයග්‍රහණය අපිට මුල ඉදන්ම නැති වුනා. පන්දුවාර 10 යි පන්දු 5ක් වෙද්දි ලකුණු 60කට අපේ කඩුලු 5ක් දැවි ගිහින් ඉවරයි. ඉතිං ඒ වෙලාවේ අසලංක ගැහුවේ හරිම ගේම් එක ! පරාජයේ නම්බුව හරි රකින්න ඒ ගහපු අර්ධ ශතකය වටිනවා. හැබැයි මේක අසලංක වෙනදා ගහපු අර්ධ ශතක වගේ නැ… හාෆ් චාන්ස් දෙකක් දීලයි ගැහුවේ.කොහොම වුනත් ඒ හාෆ් චාන්ස් වලින් වැඩක් අරන් ආයෙමත් ෆෝම් එකට ආපු එක වටිනවා.
චන්දිමාල් ආයෙමත් අසාර්ථක වුනා. එල් පි එල් එකෙන් පස්සේ ආයෙමත් එයා ටීම් එකට ආවේ අලුත් චන්දි කෙනෙක් විදිහට. තරග නිම කරන්නෙක් සහ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් විදිහට තමයි චන්දි ආයෙමත් ටීම් එකට එන්නේ. ඉතිං එයා ක්‍රීඩා කරේ එයාට ලේසියෙන් ලකුණු ගහන්න පුළුවන් සිටුවේෂන් එකක නෙමෙයි. ඒත් නොම්බර පහ හය ක්‍රීඩා කරන පිතිකරුවෙක් විදිහට දැන ගන්න ඕනි තමන් කොච්චර හොද ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වුනත් සිටුවේෂන් එක අනුව ගේම ගොඩ දා ගන්න. මොකද හැමදාම උඩ පිතිකරුවෝ හොදට කර්ලා තමන්ට ගේම් එක ෆිනිෂ් කරන්න දෙන්නේ නැ… ඉතිං චන්දිමාල් තාමත් මෙච්චර අවුරුදු ගානක් ක්‍රිකට් ගහලත් තමන්ගෙන් ටීම් එකට වෙන්න ඕනි දේ කරාද කියලා ප්‍රශ්නයක් !
ඒ ඔක්කොම අස්සේ දුෂ්මන්ත චමීර කියන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් දැක්කා. අද විතරක් නෙමෙයි. පසුගිය දවස් ටිකේම එයා පිතිකරුවෙක් විදිහට පුළුවන් උපරිමයෙන්ම ටීම් එක වෙනුවෙන් කරා.
ඉතිං අඩුපාඩු ගොඩයි.
මේ දේවල් අඩු කරගෙන මීලඟ තරගයට හොදින් මුහුණ දෙන එක තමයි කරන්න තියෙන්නේ !!!
අමතක කරන්න එපා ලංකාව කියන්නේ තාමත් මේ ක්‍රිකට් වල ඉන්න අවිනිශ්චිතම ක්‍රිකට් කන්ඩායමක් !!!
©️ නිර්නාමික ලේඛකයා










