මේක සාහසික අපරාධයක් ගැන නාමල් කියයි

මේක සාහසික අපරාධයක් ගැන නාමල් කියයි

ගොවියන්ට වී කිලෝවකට රුපියල් 92ක් ලබාදී අතරමැදි වෙළෙඳුන්ට රුපියල් 102ක් ලබාදෙමින් “සාහසික අපරාධයක්” සිදුකරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කරයි.

පොහොර, කෘෂි රසායන, පළිබෝධනාශක ඇතුළු වී වගාවට සම්බන්ධ කිසිදු ප‍්‍රශ්නයකට ආණ්ඩුවට විසඳුම් ලබාදිය නොහැකි නිසා යල කන්නයද නිසි ලෙස වගා කිරීමට නොහැකි වීමෙන් ඉදිරියේදී සහල් අර්බුදය වඩාත් උග‍්‍ර වනු ඇතැයිද ඔහු පවසයි.

මේ වනවිට වෙළෙඳපොළේ පොහොර මිල රුපියල් 20,000ක් ඉක්මවා ඇති බවද එම මුදලට පොහොර මිලදී ගෙන වී වගා කිරීමට ගොවියාට ශක්තියක් නැතැයිද හෙතෙම සඳහන් කරයි.

විදුලිය උත්පාදනයට ටර්බයින් කැරකවීමට ජලාශවල ජලය ලබා ගැනීම නිසා යල කන්නයට ජලය සපයා ගත නොහැකිව අනාථ වී සිටින ගොවියාට රජය විවිධ පහසුකම් සපයන බවට බොරු බේගල් ඇද බෑවත් මේ දක්වා කිසිවක් සිදු නොවීමෙන් ගොවියා යල කන්නයෙන් ඉවත්වීමේ අවදානමක් ඇතැයිද ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn