ඉන්දියානු ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වැයකරමින් ඉදිකිරීමට කිරීමට නියමිත මහව සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ග නවීකරණය ව්යාපෘතිය පිටුපස මහාපරිමාණ වංචා සහ දුෂණ පවතින්නේ යැයි දුම්රිය ස්ථානාධිපති සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් මගින් දැනුම්දී තිබේ.
එම ව්යාපෘතිය හරහා උතුරු මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කර වැඩි දියුණු කිරීමට හැකියාව තිබියදී පාලනාධිකාරිය වෙනත් අරමුණු පදනම් කරගනිමින් එම ව්යාපෘතිය තනි මාර්ගයක් ලෙසම පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම අංශයන් දැනුවත් කළද ඊට නිසි විසඳුම් ලබානොදී එම ව්යාපෘතිය මාර්තු මස සිට ක්රියාත්මක කිරීමට කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.
මහව සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ග නවීකරණය ව්යාපෘතිය රටට ප්රයෝජනවත් ව්යාපෘතියක් බවට පත් කිරීමට අවධානය යොමු කරන ලෙස දුම්රිය ස්ථානාධිපති සංගමය ජනාධිපතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.
මෙම නඩත්තු කටයුතු නිසා අනුරාධපුර සිට ඕමන්තේ දක්වා වන දුම්රිය මාර්ගය සංවර්ධන කටයුතු සඳහා ලබන මාර්තු මස 05 වැනිදා සිට මාස පහක කාලයකට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එ හේතුවෙන් කොළඹ සිට අනුරාධපුරයට සහ යාපනය සිට කිලිනොච්චිය දක්වා පමණක් දුම්රිය ධාවනය කරන කියයි.










