ආණ්ඩුවේ කොවිඩි මරණ ප්‍රතිපත්තිය වෙනස් වෙයි… දේහයන් PCR කිරීම නතරකරයි…

ආණ්ඩුවේ කොවිඩි මරණ ප්‍රතිපත්තිය වෙනස් වෙයි… දේහයන් PCR කිරීම නතරකරයි…

රටේ කුමන් තත්වයක් යටතේ වුවද මිය යන පුද්ගලන්ගේ දේශයන් පිළිබඳව සිදු කළ කෝරෝනා පරීක්ෂාව (PCR) සෑම මරණයකටම අවශ්‍ය නැති බව සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව මින් ඉදිරියට පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා PCR වාර්තාවක් ලබාගනු ලබන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මරණ පරීක්ෂක වරයාගේ හෝ ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ අභිමතය අනුව පමණ යැයි කොවිඩ් සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

කෙසේ වෙතත් පසුගිය කාලයේ දිගින් දිගටම මෘතශරීර පිළිබඳ අවසන් කටයුතු කිරීමේදී එය කොවිඩ් වෛරසය සහිත දේහයක්ද නැද්ද යන්න විමසා බැලීම තීරණාත්මක අංගයක් ලෙස සැලකූ අතර කුමන ආකාරයෙන් මියගියද එම මෘතදේහයට කොවිඩ් ආසාදනය වී ඇත්නම් එය එම මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට ලබා නොදී ආදාහනය කළේය. එසේ කරනු ලැබූවේ එම දේහය මගින් කොවිඩ් සමාජගතවන බව සඳහන් කරමිණි.

මේ වනවිට වෙනත් රෝගී තත්වයන්ගෙන් නිවෙස්වල මියයන පුද්ගලයන්ගේ දේහයන් බොහෝමයක් පවා PCR පරීක්ෂණවලදී කොවිඩ් බවට තහවුරු කරගන්නා පසුබිමක මේ ආකාරයට යම් හෙයකින් PCR නොකරණ ලද දේහයක කොවිඩ් වෛරසය දේහගතවී තිබුනහොත් එය මෙම වෛරසය තවත් වටයකින් සමාජගත වීමක් නොවන්නේදැයි ජනතාව ප්‍රශ්න කරමින් සිටිති.

කොවිඩ් දේහ භූමිදානය කිරීම සම්බන්ධයෙන්ද රට තුළ නීතියක් මෙන්ම සෞඛ්‍ය ප්‍රතිපත්තියක්ද ඇති අතර මෙලෙස PCR නොකර මුදාහරින මෘතදේහයක කොවිඩ් අන්තර්ගතවුවහොත් එය උක්ත භූමිදාන ප්‍රතිපත්තියද උල්ලංඝණය කිරීමකි. මෙම කරුණු සිල්ල මතුවන්නේ කොවිඩ් මරණ අරඹයා ආණ්ඩුව පසුගිය කාලය මුළුල්ලේම ගනු ලැබූ දැඩි ප්‍රතිපත්තිමය තීරණ ක්ෂණිකව නොසලකා කටයුතු කිරිම හේතුවෙනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්