බන්දුලගේ හාස්මැස්සන් පාඩුව මිලියන 91ක්

බන්දුලගේ හාස්මැස්සන් පාඩුව මිලියන 91ක්

ලංකා සතොස සමාගම මගින් හාල්මැස්සන් ආනයන කර විකිනීමෙන් රුපියල් මිලියන 91.5ක් පාඩුවක් සිදුවී ඇති බවත් එය ආවරණය කරගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම ඇතුළු වියදම් ගණනාවක් පියවා ගැනීම වෙනුවෙන් බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයා විසින් රුපියල් මිලියන 5075ක් ඉක්මවූ කැබිනට් සංදේශ 07ක් ඉදිරිපත් කර ඇත.

මෙය කැබිනට් මණ්ඩලයේදී අද (14) සාකච්ඡාවට ගැනීමට නියමිත වන අතර එයින් විශේෂිත වන්නේ රට පුරා පිහිටි ග්‍රාමනිලධාරී වසම් 14022ක ආවරණය වන පරිදි කුඩා සුපිරි වෙළඳසැල් ජාලයක් පිහිටුවීමට ඉදිරිපත් කර තිබෙන කැබිනට් සංදේශයයි. මේ වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක වැය බරක් දැරීමට යෝජනා කර තිබේ. මෙලෙස රුපියල් මිලියන 1,500 බැගින් වූ වියදම් තුනක් දැරීමට අදාල යෝජනා ඉදිරිපත් කර තිබේ.

මහපොළ අරමුදල යටතේ පිහිටුවා තිබූ උප සමාගමක බැරකම් නිරවුල් කිරීම සඳහා රුපියල් මිලියන 484ක වියදම් ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් කර ඇත. ඊට අමතරව වෙළඳ ඇමතිවරයා පකිස්තානයේ කළ නිල සංචාරය පිළිබඳ වාර්තාවක්ද ඉදිරිපත් කර ඇති බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්