ගිනිගත් නැවේ වන්දිය හෙල්පින් හම්බන්තොට පාරේම යයිද?

ගිනිගත් නැවේ වන්දිය හෙල්පින් හම්බන්තොට පාරේම යයිද?

පසුගිය 2021 වසරේ මැයි මාසයේ කෝළඹ වරාය ආසන්නයේදී ගිනිගැනිමට ලක් වූ X-Press Pearl නෞකාවෙන් සිදු වූ හානිවලට වන්දි ලබා ගැනීමට තව වසර තුනක්වත් ගතවනු ඇතැයි ආණ්ඩුවේ දිනමිණ පුවත්පත අද (14) වාර්තා කර තිබේ.

එම පුවත්පත වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියානු නීති විශේෂඥ කණ්ඩායමක් මෙය දැනුම්දී ඇති බවයි. සමෘද්ධීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී ධර්ශනී ලහඳුපුර මේ බව දිනමිණ පුවත්පතට ප්‍රකාෂ කර ඇත. නමුත් ඕස්ට්‍රේලියානු නීති විශේෂඥ කණ්ඩායම පිළිබඳව කිසිදු විස්තරයක් මෙම ප්‍රවෘත්තියේ පලකර නැත.

මෙම නැව ගිනිගැනීමට ලක් වූ සමයේ සිටම වන්දි ලබා ගැනීම පිළිබඳව බරපතල සැක සංකා මතු වී තිබිණි. ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ අනුමැතිය පිට මෙම නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට රැගෙන එන්නට ඇතැයි ප්‍රබල සාක්ෂිද මාධ්‍යවලින් හෙළි කර තිබිණි. ඒ අතරතුර අදාල වන්දි ලබාගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුව අතිශය මන්දගාමී ලෙස කටයුතු කෙරිණි.

මෙම තත්වයන් හමුවේ බොහෝ දෙනෙකු බරපතල සැක මතුකරමින් සුනාමි ආධාර වශයෙන් විදේශවලින් ලැබුණු විශාල මුදලක් අතුරුදහන්වීම වැනි තත්වයක් මෙම නැවේ ගින්නෙන් සිදු වූ හානුවලට වන්දි ලබා ගැනීමේදී සිදුවේදැයි ප්‍රශ්න කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්