වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු දෙදෙනෙකුට එරෙහිව පවතින සුප්‍රසිද්ධ ලිත් නඩුවෙන් ඔවුන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කර තිබේ.
එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත්වූ 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කොට දිවි නැගුම දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 50ක මුදලක් පාඩු කිරිම සම්බන්ධවෙයන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
විනිසුරුවරයා එම නියෝගය ලබා දී ඇත්තේ, මෙම නඩුවේ සාක්කි විමසීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීමක් පිළිගනිමිනි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ එම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතුවී ඇති බවය.
ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්ති කරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් තීන්දු කර ඇත.
එමෙන්ම අධිකරණය මඟින් විත්තිකරුවන්ට එරෙහිව යම් විදේශ ගමන් තහනමක් පනවා තිබුණේ නම් ඒවා ඉවත් කරන ලෙස අධිකරණය භාරයේ තැන්පත් කර ඇති විත්තිකරුවන්ගේ ඇප මදල් මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.










