පාන් රාත්තල රුපියල් 100යි… ප්‍රාරිභෝගිකයෝ කියති…

පාන් රාත්තල රුපියල් 100යි… ප්‍රාරිභෝගිකයෝ කියති…

මේ වනවිට ඇතැම් වෙළඳසැල් තුළ පාන් රාත්තල රුපියල් 100ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

මේ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වන්නේ තිරිඟු පිටි හිගය නිසා පාන් නිෂ්පාදනය අඩු වී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසන්නේ බේකරි නිෂ්පාදකයන්ට සවකීය නිෂ්පාදන සඳහා තිරිඟු පිටි ලබාගැනීමට දුෂ්කර වී ඇති බැවින් පාන් නිෂ්පාදනය කිරීම දැන් බොහෝ සේ අඩු වී ඇති බවය.

ලැබෙන තිරිඟු පිටිවලින් බේකරි හිමියන් වැඩි ප්‍රමුඛතාවය දෙන්නේ සීනි කෑම සහ රස කැවිලි නිෂ්පාදනයට බවද ඔහු පවසයි.

මේ වනවිට දිවයින පුරා පාන් හිඟයක් නිර්මාණය වී ඇති අතර පාන් ගෙඩියක මිලද බොහෝ ප්‍රදේශවල රුපියල් 100 දක්වා වැඩි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්