මාරාන්තික නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් හි විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ.
NeoCov ලෙස නම් කර ඇති මෙම වෛරසය් ප්‍රභේදය මුල් කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඉහළ ව්‍යාප්ති හැකියාවක් ඇති බවත් මෙතෙක් හමුවී ඇති වඩාත් මාරාන්තිකම කොවිඩ් ප්‍රභේදය වියහැකි බවත් ඔවුන් අනතුරු අඟවා ඇත.
දකුණු අප්‍රිකාවේ වවුලන් ගහනයකින් සොයාගත් මෙම වෛරසය සතුන් අතර පමණක් ව්‍යාප්ත වන බව මෙතෙක් හඳුනාගෙන තිබුණත් එය මිනිසුන් අතර වුවත් පහසුවෙන් පැතිරයාමේ හැකියාවක් ඇතැයි විද්‍යාඥයෝ පවසති.
ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවන්නේ 35%ක පමණ ඉහළ මරණ අනුපාතිකයක් ඇති කළ හැකි මෙම වෛරසය මිනිසුන් අතර පැතිර ගියහොත් දැවැන්ත විනාශයක් ඇති විය හැකි බවය.
1









