වී බැරිනම් මුං වවන්න – ජනාධිපති කියයි

වී බැරිනම් මුං වවන්න – ජනාධිපති කියයි

වී වගා කළ නොහැකි කුඹුරුවල මුං ඇට වගාව සිදු කරන්නැයි ජනාධිපති ගෝටාබය රාජපක්ෂ කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල මෙන්ම අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙසද මුං ඇට වගාව සදහා ආණ්ඩුව සහාය වීමටද තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම තීරණයට එළැඹී ඇත්තේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමිනි.

වාරි පහසුකම් මදවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි කුඹුරු වගා බිම්වල හා අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගා කිරීම සඳහා අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්