රජයේ තවත් ප්‍රධානීන්ගේ පුටු සෙළවෙන ලකුණු

රජයේ තවත් ප්‍රධානීන්ගේ පුටු සෙළවෙන ලකුණු

ඉදිරි සති කිහිපයේදී රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලවල වෙනසක් සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් ආයතනවල සභාපතිවරුන්ගේ පමණක් වෙනසක් සිදුකිරීමට නියමිත අතර ඇතැම් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයම අලුතින්ම පත් කෙරෙනු ඇතැයි එම ආරංචිමාර්ග අනාවරණය කරයි.

රජයේ සංස්ථා හා මණ්ඩලවල පුළුල් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන්, ඒවායේ ප්‍රධානින් මෙසේ මාරු කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ පසුගියදා ඉවත් කර, ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත් කරනු ලැබීය.

මේ අතර ලිට්ට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙශාර ජයසිංහ ඉන් ඉවත් කර ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත් කරනු ලැබූ අතර ජනාධිපතිවරයා විසින් එදිනම ඔහු ඉවත් කර තෙශාර ජයසිංහ ලිට්ට්‍රෝ සමාග සඳහා නැවතත් පත් කරනු ලැබීය.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ මග නැගුම ආයතනයේ සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ටද ඉල්ලා අස්වන ලෙස මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉකුත්දා දැනුම් දී තිබිණි.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්