පානදුර නගර සීමාවේ පිහිටි පාසල්වල විදුල්පතිවරයකු, ගුරුවරුන් සහ දරුවන් රැසකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පාසල් කීපයකම පන්ති රැසක් වසා දමා ඇතැයි පානදුර සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පාසල් අතර පානදුර නගරයේ පිහිටි ප්‍රධාන පිරිමි පාසලක්ද වන බව එම නිලධාරියා පැවසීය. එම පාසලේ ගුරුවරුන් සහ දරුවන් රැසකට වෛරසය ආසාදනය වීම හේතුවෙන් මීට සතියකට පමණ පෙර එහි පන්ති කීපයක් වසා දැමූ බවද සඳහන් කළේය.
පානදුර ප්‍රධාන මිශ්‍ර පාසලකද ගුරුවරුන් කීපදෙනකු කොවිඩ් ආසාදිතයන් වීමෙන් හෙට (24) සිට එම පාසලේ පංති කීපයක්ද වසා තැබීමට තීරණය කළ බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
1










