දීර්ඝ කාලයක් මත්ද්රව්ය වෙළඳාම, පාතාලය, මිනීමැරුම් වලින් හා ඇමරිකානු බහු ජාතික සමාගම් වල ඍජු ග්රහණයට නතුව තිබු මෙන්ම දකුණු ඇමරිකාවේ සියළු ප්රගතිශීලි රජයන් පෙරලා දැමීමට කුලී සොල්දාදුවන් පුහුණු කල හොන්ඩුරාස් රාජ්යයේ ජනතාව පසුගිය නොවැම්බර් මස එරට පැවැති ජනාධිපතිවරණයෙන් වාමාංශික නායිකා XIOMARA CASTRO බලයට පත් කරනු ලැබුවේ විශාල බලාපොරොත්තු රාශියක් පෙරදැරිකරගෙනය. එහෙත් පසුගිය ජනවාරි 17වනදා පාර්ලිමේන්තුව තුල සිදුවූ කුමන්ත්රණය මගින් පෙන්නුම් කරනු ලබනුයේ එරට හිටපු දූෂිත පාලකයින් නව පාලනය පෙරලා දැමීමට හමුදා කුමන්ත්රණ වෙනුවට විකල්ප ක්රියාමාර්ග වෙත යොමු වී ඇතිබවයි.
නව ජනාධිපතිනිය XIOMARA CASTRO ජනවාරි 27 වැනිදා තම ධූරයේ දිවුරුම් දීමට පෙර එරට පාර්ලිමේන්තුවේ කතා නායකයා තෝරා ගැනීමේදී දුෂිතයෙකු මෙන්ම මත්ද්රව්ය ජාවාරම් කරුවෙකු පත් කිරීමට තම දේශපාලන කඳවුරේ මන්ත්රීවරුන් 20 දෙනෙකු විසින් විපක්ෂය සමග එක් වී ක්රියා කර ඇත්තේ ජනතා අපේක්ෂා කඩ කරමිනි.
පසුගිය නොවැම්බර් මාසයේ පැවැත්වූ ජනාධිපතිවරණයේදී හොන්ඩුරාස් රාජ්යයේ දූෂිතයෙකු වූ හිටපු ජනාධිපතිවරයාගේ අපේක්ෂක පරාජය කරනු ලැබුවේ ඇමරිකාවටද ඍජුවම ඔහු වෙනුවෙන් පෙනී සිටීමට හැකියාවක් නොමැති තත්වයක් තුලදීය. එහෙත් ඍජුව ඇමරිකානු ආර්ථික, මිලිටරි ග්රහණයට ලක් වූ රාජ්යයක් ලෙස සැලකෙන හොන්ඩුරාස් රාජ්යයට එයින් මිදීමට නොහැකි වනුයේ එරට අපනයන ආදායමෙන් 40%ක් උපයා දෙනු ලබනුයේ ඇමරිකාව මගින් වීම නිසා බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.
පාතාල පවුල් කීපයක පාලනයට නතුවී ඇති හොන්ඩුරාස් රාජ්යයන්හි මේ දක්වා ආණ්ඩු බලය තීරණය කරනු ලැබුවේ ඇමරිකානු බහු ජාතික සමාගමක් වන United Fruit Company මගිනි. 2009 දී Manuel Zelaya ගේ ප්රගතිශීලි ලිබරල් රජය පෙරලා දමනුයේ මෙම බහුජාතික සමාගම හා එරට පාලන බලය හොබවන පාතාල කල්ලි විසිනි. එසේම මෙම බලයට පත් පාතාල පවුල් සංස්ථාවන් විසින් ඇමරිකාව හා එරට අතර මත්ද්රව්ය ජාවාරම සමග ඍජුවම සමබන්ධවීම නිසා ඇමරිකානු අධිකරණය විසින් ජාත්යන්තර වරෙන්තු පවා හිටපු ජනාධිපති වරයාට එරෙහිව එල්ල කරනුන් ලැබුවේ හොන්ඩුරාස් රාජ්යය “මත්ද්රව්ය රාජ්යයක්” ලෙස නම් කරමිනි.
මෙම අසීරු කොන්දේසි යටතේ 40%ක් වූ අන්ත දරිද්රතාවයෙන් හෙම්බත් වී සිටින හොන්ඩුරාස් ජනතාව පසුගිය ජනාධිපතිවරණයෙන් XIOMARA CASTRO පත්කරගනු ලබනුයේ මෙම පාතාල කල්ලියෙන් මිදීමට හා යහපත් සමාජයක් අපේක්ෂා කරමිනි. එහෙත් මෙවර ප්රහාරය එල්ලවනුයේ දූෂිත ලිබරල් විපක්ෂයෙන් පමණක් නොව XIOMARA CASTRO ගේ කඳවුරේ මන්ත්රීවරුන් 20 දෙනෙකුද මත්ද්රව්ය වෙළඳාම් කරුවන් විසින් මුදලට ගැනීමට ගැනීමෙනි. ජනවාරි 21 වැනිදා එරට පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී කතානායකවරයා තෝරා ගැනීමේදී ඇයගේ පක්ෂයේ මන්ත්රීවරුන් 20 දෙනෙකු විපක්ෂයෙන් ඉදිරිපත්කරනු ලැබූ jorge calix නම් අපේක්ෂකයාට සහය දීමෙන් මෙම අර්බුධය ඇති වී ඇත.
මෙම අර්බුධයෙන් පසු තම පක්ෂයේ මන්ත්රීවරුන් කණ්ඩායම රැස් කල XIOMARA CASTRO විසින් අදාළ මන්ත්රීවරුන් 20 දෙනා තම පක්ෂයෙන් නෙරපා දමනු ලැබුවේ ද්රෝහීන් ලෙස නම් කරමිනි. කෙසේවෙතත් මෙම මන්ත්රීවරුන් අදාල රැස්වීමට පැමිණ නැතිබව වාර්තා වේ. පාර්ලිමේන්තුව තුල සිදුවූ මෙම බලාපොරොත්තු නොවූ සිදුවීමෙන් කෝපයට පත් XIOMARA CASTRO ගේ පාක්ෂිකයින් නව කතානායකවරයාට හා ඔහුට පක්ෂව සහය දුන් තම කඳවුරේ මන්ත්රීවරුන්ට පහරදීමට සැරසීම නිසා සභාව යුධ පිටියක් බවට පත් වී ඇත. මීට පෙර වාමාංශික හෝ සමාජවාදී හෝ නොවන Manuel Zelaya ගේ ලිබරල් රජය 2009 දී හමුදා කුමන්ත්රණයකින් පෙරලා දැමු පසු මෙවර ජනාධිපතිවරණයට සමාජවාදී ලේබලය මත එම සටනට ඉදිරිපත් වූ ඔහුගේ බිරිඳ XIOMARA CASTRO ගේ රජය පෙරලා දැමීමේ ප්රථම ප්රහාරය එල්ල කර එරට පාර්ලිමේන්තුවේ බලය දූෂිත විපක්ෂය අල්ලා ගැනීමෙන් පෙන්වා දෙනුයේ ඉතිහාසයේ යම් හෝ ප්රගතිශීලි රජයකට පහරදීමට ප්රතිගාමීන් ක්රියා කරනුයේ එය සමාජවාදීද ලිබරල්ද යන්න මත පදනම් කරගෙන නොවන බව යන්න මෙමගින් තවදුරටත් තහවුරු කර තිබෙන බව දේශපාලන විචාරකයින් මේ අතර කියා සිටිති.










