මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් ! වරිපනම් තොන්ඩුව දිගේලි කෙරේ

අවසන්වූ පළාත්පාලන මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය යැයි උදම් වූ ආණ්ඩුව ජනතාවගේ ගෙල හිර කිරීම ආරම්භකර තිබේ. පළාත්පාලන ආයතනවල වරිපනම් එකතුකිරීමේ බලප්‍රදේශ පුළුල්කර ආදායම් වැඩිකරගැනීම එහි ආර්ම්භක පියවරයි. අලුත් ගම් සහ මාර්ග දෙපස නිශ්චිත දුර සීමාවකට වරිපනම් බල ප්‍රදේශ පුළුල් කිරීම මේ යටතේ සිදුවේ.

මෙහි ආරම්භක පියවර මාතර මාලිම්බඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ආරම්භකර තිබේ. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරය කරන ආකාරයට මේ සදහා අවශ්‍ය විධිමත් නීතිමය ප්‍රතිපාදන සැලසීමට පළාත්සභා හෝ මධ්‍යම ආණ්ඩුව කිසිසේත්ම මැදිහත් නොවේ.

එක් එක් ප්‍රාදේශීය සභා විසින් නිවැරදිව එම බලප්‍රදේශ පුළුල් කිරීමට ඉඩහැර ආණ්ඩුව වගකීම්වලින් ඉවත්ව ඇත. මේ හේතුවෙන් පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය ඒ පිළිබද කිසිදු වගකීමක් හෝ සොයාබැලීමක් නොකරයි.

වරිපනම් බලප්‍රදේශ ප්‍රළුල් කිරීමෙන් ප්‍රාදේශීය සභාවල ආදායම විශාලත්වයෙන් වැඩි කරගැනීමේ ආරම්භක පියවර වශයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කර ඇත.අලුතින් ඇතුලත්කර ගත් බලප්‍රදේශ පිළිබදව විස්තර කර පෝස්ටර් මගින් ප්‍රසිද්ධ කර තිබේ.

මෙම නව වරිපනම් කලාපය පසුගිය 22 වැනිදින සිට ක්‍රියාත්මක බව බවද වරිපනම් ගෙවන්නේනම් සහනසේවා ලෙස සතියකට දින දෙකක් කසළ ඉවත්කරන බව සහ සති දෙකකට වරක් වීදුරු කැබලි, ප්ලාස්ටික් ඉවත්කිරීම සහ පවතින වීථි පහන් (අදුරු වීදි වලට අලුතෙන්වීථි ලාම්පු දෙන බවට නොවේ) නඩත්තු කරන බවද දන්වා ඇත.

මෙම බලප්‍රදේශය පුළුල්කිරීම නගර සභා සහ මහනගර සභාවලට අදාල කර නැත. එම බල ප්‍රදේශවල කැළිකසළ ඉවත්කර බැහැර කිරීමේ ප්‍රශ්නයක් ඇති බැවින්  සීමා පුළුල් නොකරන බවද පැවසේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්