ණය අර්බුදයට මුහුණපා සිටින තම සාමාජික රටවල් බේරා ගැනීම සදහා ණය ලබාදෙමින් සහය දක්වන්නැයි යුරෝපා සංගමය චීනයෙන් ඉල්ලා ඇත.
ණය අර්බුදයෙන් ගොඩ ඒම සදහා යුරෝපා සංගමය පිහිටුවා ඇති අරමුදලට මුදල් ණයට දීමට චීනය ඉදිරිපත් වනු ඇතැයි මත පළවී ඇති අතර චීනය එයට ඩොලර් බිලියන 100ක මුදල් ආයෝජනය කරනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ අතර අර්බුදයට පත්ව ඇති ග්‍රීසිය පිළිබදව අදහස් දක්වා ඇති ප්‍රංශ ජනාධිපති නිකොලොස් සාර්කොසි කියා ඇත්තේ, ග්‍රීසිය යුරෝ මුදලට ඇතුළත්වීම වැරදීමකින් සිදුවූ දෙයක් බවය. 2001 දී ග්‍රීසිය යුරෝපා සංගමයට ඇතුලත්වන විට ඒ සදහා ‘සුදානම්ව නොසිටි’ බව ඔහු කියා තිබේ.
දුබලයන් හළා දමා තමන් පත්ව ඇති පීඩනය අවම කර ගැනීමේ වුවමනාව මෙම ප්‍රකාශය මගින් හෙළිවන බව විචාරකයින්ගේ අදහසයි.
3









