විදුලි උත්පාදනයට විකල්ප වැඩපිළිවෙළක් නොමැති ආණ්ඩුවට ඒ සඳහා ජලාශවල ඇති ජලය හිස් කිරීමෙන් ගොවි ජනතාවට යල කන්නයද අහිමි කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කරයි.
මහ කන්නය වගා කිරීම සඳහා කිසිදු අයුරකින් ගොවියාට සහායයක් ලබා නොදුන් ආණ්ඩුව යල කන්නයේ “මැච්එක” හොඳට ගහනවා යැයි පැවසුවත් ජලාශ හිස් කිරීමෙන් එය සිදුකරන්නේ කෙසේදැයි තමන්ට මෙන්ම ගොවි ජනතාවටද අපැහැදිලි චිත්‍රයක් වී ඇතැයි ඔහු සඳහන් කරයි.
පසුගිය මාස කිහිපයේදීම මෙරට ජලාශ සම්පූර්ණයෙන්ම පරී පැවතියත් විදුලි අර්බුදයක් නර්මාණය වීමටඉඩ හැරි ආණ්ඩුව විදුලි ජනනයට ටර්බයින් කැරකවීමට මෙරට ජලාශවල ජලය ලබා ගැනීම නිසා යල කන්නය දෙස බැලීම පවා ගොවියාට හිසරදයක් වී ඇතැයිද ගොවි නායක නාමල් කරුණාරත්න සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න,
“යල කන්නය කියන්නේ ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන කාලයක්. එහෙම නම් විදුලි අර්බුදයට ජලාශ හිස් කළේ ඇයි. මහ කන්නයට අසරණ වූ ගොවියා යල ගොඩදාගන්නේ කොහොමද?
පෙැහොර නැහැ. තියෙන ඒවා 25,000ටත් එහා. කෘමිනාශක වල් නාශක නැහැ. වල් අතින් ගලවමුකෝ. ඒත් කෘමීන්? මේ කිසි දේකට මේ ආණ්ඩුවට උත්තර නැහැ.
තෙල් නැතිව, ඩොලර් නැතිව ආණ්ඩුවේ ඇමතිවරු කඹ අදිනවා. රට වගේ අට ගුණයක් මුහුදක් තියාගෙන විදුලි උත්පාදනයට වතුර ටිකක් ගන්න බැරි රටක තමයි අපි ජීවත්වෙන්නේ. මාසයකට දෙකකට උඩදී වාන් දාපු ජලාශ හින්දවීමේ විපාකයට මූණ දෙන්න වෙන්නේ ගොවි ජනතාවට”










