දින 21ට ඩෙංගු රෝගීන් 5,783ක්…

දින 21ට ඩෙංගු රෝගීන් 5,783ක්…

මෙම වසර ආරම්භයේ සිට 21 වැනිදා දක්වා සති තුනක් ඇතුළත ඩෙංගු රෝගීන් 5,783ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

රෝගීන්ගෙන් 60%ක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි. බස්නාහිර පළාත හැර බදුල්ල, මහනුවර, ගාල්ල, යාපනය, මන්නාරම, ත්‍රීකුණාමලය, ක්‍රරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුළින්ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන තිබේ.

ඩෙංගු දෙවෙනි කාණ්ඩයේ වෛරස් ප්‍රභේදය වැඩිපුර දක්නට ලැබුණත් තුන්වන කාණ්ණඩයේ වෛරස් ප්‍රභේදය වාර්තා වීමේ අනුපාතය පසුගිය වසරට වඩා ඉහළ අගයක් ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව මෙම වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2,057ක්ද දෙවන සතිය තුළ ඩෙංගු රෝගීන් 2,081ක්ද වාර්තා වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්