ලබන අඟහරුවාදා එනම් 25 සිට දෛනික විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පවසයි.
ඔහු පවසන්නේ තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන අඟහරුවාදා වනවිට අවසන් වීම නිසා එදින සිට රාත්‍රී කාලයේ විදුලිය සැපයුම කප්පාදු කිරීමට සිදුවන බවය.
දැවිතෙල් නොමැතිවීම නිසා විදුලි බලාගාර කීපයක් ඇන හිටීමෙන් අඟහරුවාදා දිනයේ සිට මෙගාවොට් 183ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ දී අනිවාර්යයෙන්ම විදුලි සැපයුම අත්හිටුවීමට සිදු වන බවත් ආචාර්ය සුසන්ත පෙරේරා අවධාරණය කරයි.
විදුලි සැපයුම විසන්ධි කරන ආකාරය සහ වේලාව ලබන සදුදා දැනුම් දෙන බවත් සදුදා දිනය වනතෙක් විදුලිය විසන්ධි කිරීමේ කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
1










