ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර එම ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝටාබය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර ජනාධිපතිවරයා විසින් එය පිලිගෙන ඇත.
පී.බී ජයසුන්දරගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන ජනාධිපති ලේකම් ධුරය සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිනී සෙනරත් පත්කිරීමටද තීරණය කර තිබේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් ධුරය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක පත්කිරීමටද තීරණය කර ඇත.
Views: 0










