මෙම උත්සව සමයේ සෞඛ්‍ය නිර්දේශ නොතකා ජනතාව ක්රියාකළහොත් ඔමික්‍රෝන් රැල්ලක් මතුවීමේ දැඩි අවධානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ආණ්ඩුව මේ වනවිට වසංගතය මර්ධනය කිරීම සම්බන්ධ මූලික ක්‍රියාමාර්ග පවා අනුගමනය කිරීමට ජනතාව යොමු නොකරන තත්වයක් පවතී. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන මාධ්‍යවල අසීමිත ලෙස මගීන් රැගෙන යාමට ඉඩ ලබා දීම, පොදු වෙළඳපොලවල් ඇතුළු අනෙකුත් ස්ථානවල සෞඛ්‍ය නිර්ණායක පිහිටුවිම පිළිබඳ නියාමනයන් සිදු නොකිරීම වැනි කරුණු තුළින් ආණ්ඩුවේ වගකීම පැහැර හැර තිබේ.
මෙම තත්වය යටතේ ඔමික්‍රෝන් රැල්ලක් මතුවීම වඩාත් භයානක ප්‍රතිවිපාකවලට ඉඩකඩ විවෘතවී තිබේ.
Views: 0










