මෙරට මුහුණ දී තිබෙන දරුණු විදේශ විනිමය අර්බුදය හමුවේ ඩොලර් කෝටි 190ක ( ඩොලර් බිලියන් 1.9) ණය පැකේජයක් ලබාදීමට ඉන්දියාව සලකා බලමින් සිටින බව වාර්තා වේ.
මෙම ණය මුදල පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවලින් ලබාදීමට නියමිත බවත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රවය සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීමට ඩොලර් කෝටි 100ක් (ඩොලර් බිලියනයක්) වෙන් කර ඇති බවත් වාර්තා වේ.
එසේම, ඩොලර් කෝටි 50ක් ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගැනීමට සහ ඩොලර් කෝටි 40ක් ඉන්දීය රිසර්ව් බැංකුව ස්වැප් ණය පහසුකම යටතේ ලබාදීමට සූදානමින් සිටින බව වාර්තාවේ.ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාමන් සහ එරට විදේශ ඇමති එස් ජයසංකර් යන අමාත්‍යවරුන් දෙදෙනාගෙන් මෙරට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය මුදල ලැබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
Views: 0










