පොහොට්ටු පක්ෂය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බලය පිහිටුවා තිබෙන රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති විසින් ලබන 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 22කින් සම්මත වී තිබේ.
23 දින පැවැති අයවැය ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 23ක් ලැබී ඇති අතර විරුද්ධව ඡන්ද 01ක් පමණක් ලැබී ඇත.
ඒ අනුව පොහොට්ටු, එජාප සහ ශ්‍රීලනිප 23ක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා පමණක් ප්‍රකාශ කර තිබේ.
Views: 0










