අභියාචනාධිකරණයට අලුතින් සාමාජිකයෙක්

අභියාචනාධිකරණයට අලුතින් සාමාජිකයෙක්

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි අද (24) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අභියාචනාධිකරණයේ විනිසුරු, දේවිකා අබේරත්න එම තනතුරින් විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩු සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විකුම් අතුල කළුආරච්චි මහතා කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිඥ වෘත්තියට පිවිස ඇත.

අධිකරණ ක්ෂේත්‍රයේ 33 වසරක සේවා කාලයෙන් ඔහු වසර 27ක් මහේස්ත්‍රාත්වරයෙකු, දිසා විනිසුරුවරයෙකු, අපරාධ මහාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

Facebook
Twitter
LinkedIn