ඊයේ (03) රට පුරා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයද බිඳ වැටී ඇති නිසා විදුලි ඉල්ලුම මත පදනම්ව කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය මුළුමනින්ම යථා තත්වයට පත් කිරීමට දින 03ක් පමණ ගතවන බව විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ මෙගාවොට් 900ක විදුලිය නිපදවන බලාගාර 3ක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනතුරු එලෙස ඉදිරි දින කිහිපයේ දිවයින පුරා ප්‍රදේශවල එලෙස වරින් වර කෙටිකාලීන විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවය.
ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණි.
විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ මෙලෙස පද්ධතියේ පූර්ණ බිඳවැටීමක් සිදුව ඇත්තේ කොත්මලේ ග්‍රීඩ් උපපොළේ සිට බියගම ග්‍රීඩ් උපපොළ දක්වා විදුලිය රැගෙන එන රැහැන් මාර්ගයේ බිඳවැටීමක ප්‍රතිඵලයක් ලෙස බවය.
හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් දිවයින පුරා ජනතාව දැඩි අපහසුතාවට පත්වී තිබුණි.










