රනිල්, ගෝටා අබුඩාබි යයි

රනිල්, ගෝටා අබුඩාබි යයි

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීමට නියමිතය.

ඒ සඳහා සහභාගී වීමට මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (03) පස්වරුවේ පිටත්ව ගියේය.

‘පරිසරය, ආර්ථිකය සහ වසංගතය’ යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව අද (04) සහහෙට (05) දෙදින තුළ අබුඩාබිහිදී පැවැත්වෙ අතර ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මෙවර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය. හිටපු අගමැති, එක්තස් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉන්දියානු සාගර සමුළුවේ හිටපු සභාපතිවරයාය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංගද මෙම සංචාරයට එක්ව සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්