ප්‍රවීණ වේදීකා හා ටෙලි නාට්‍ය රංගණ ශිල්පියෙකු වූ සම්පත් තෙන්නකෝන් අද (03) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 61කි.
රෝගී තත්වයක් හේතුවෙන් සම්පත් තෙන්නකෝන් මහතා කෙටිකලක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
වේදිකා නාට්‍ය නළුවෙකු ලෙස කලා ලොවට පිවිසි තෙන්නකොන් මහතා රඟපා ඇති වේදිකා නාට්‍ය සංඛ්‍යාව 50කට අධිකය.
මීට අමතරව ටෙලි නාට්‍ය රැසකටද ඔහු රංගනයෙන් දායක විය.
ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් ප්‍රවීන රංගණ ශිල්පිණී රත්නා ලාලිනීගේ ආදරනීය සැමියාය.
4










