රට පුරා විදුලිය විසන්දි වී තිබී පසුව පස්වරු 05ත් 07ත් අතර කාලයේ විදුලිය නැවත ලැබුණ නමුත් විටින් විට විවිධ ප්‍රදේශවල යළි යළිත් විදුලිය විසන්දි වීම් සිදුව ඇතැයි වාර්තා වේ.
නොරෝච්චෝල ගල් අඟුරු බලාගාරය බිඳවැටීම නිසා එලෙස රටපුරා විවිධ ප්‍රදේශවල විටින්විට විදුලිය විසන්ධි වීම් සිදුවිය හැකි බව ලංකා වීදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රටපුරා අද එකවර විදුලිය බිඳ වැටීම නිසා නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතුද අද පෙරවරුවේ සිට නතර වී ඇත.
නොරොච්චෝල බලාගාරය යතාතත්වයට පත්කිරීමට දින තුනක පමණ කාලයක්වත් ගතවිය හැකි බවද ලංකා වීදුලිබල මණ්ඩලය කියයි.
1










