video: මට ආරක්ෂාව එපා! කරුණාට, පිල්ලෙයාන්ට දෙන්න

“මම අහන්නේ ඔබ කොහොමද මෙහෙම වෙන්නේ? මට ආරක්ෂාව එපා. කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට හොඳටම ආරක්ෂාව දෙන්න.” යැයි අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශීය සභාවේ සභාපති, ප්‍රසන්න සෝලංගාරච්චි මහතා ප්‍රකාශ කළේය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයේ සහයෝගය පළකිරීමට තීරණය කිරීම පිළිබඳව දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේ තමන්ට හැකි උපරිමයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි.

Facebook
Twitter
LinkedIn