video: ජවිපෙ ආරම්භක ප්‍රචාරක රැලිය නුගේගොඩදී

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අද (01) දින නුගේගොඩ නගරයෙන් ආරම්භ කරන බව එම පක්ෂය පවසයි.

අද දින ප.ව. 3.30ට නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පවත්වන ජනතා රැලියකින් මෙම ප‍්‍රචාරක වැඩසටහන ආරම්භ කෙරේ. එම රැලිය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. video.jvpsrilanka.com, facebook.com/jvpsrilanka, facebook.com/anurakumara ඔස්සේ නැරඹිය හැකි බව ජවිපෙ පැවසීය.

එම ජනතා රැලි මාලාව සියලූම දිස්ති‍්‍රක්ක ආවරණය වන ආකාරයෙන් දියත් කෙරේ. ”ඒකාධිපති පාලනය පරදවමු! ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු!” ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක වැඩසටහනේ තේමා පාඨයයි.

මීට අමතරව ජනාධිපතිවරණ මැතිවරණ කාලය තුළ ජනතාව දැනුවත් කිරීමේ අත්පත‍්‍රිකා බෙදාහැරීම, පොස්ටර් ව්‍යාපාර මෙම ප‍්‍රචාරක වැඩසටහනට ඇතුළත්වේ.

Facebook
Twitter
LinkedIn