රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී තිබෙන බොදු බල සේනා සංවිධානයද මහින්ද රාජපක්ෂ මහතා අතරමං කරන තත්වයකට පත්ව ඇති බව අනාවරණය වේ.
මීට සතියකට පමණ පෙර බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළකරන බව ප්‍රසිද්ධියේ කියා තිබිණ. එහෙත් මේ වනවිට ප්‍රකාශ කරන්නේ තමන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බව කිසි තැනෙක කියා නැති බවත් රටට එරෙහිව පවතින කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත්ය.
බොදු බල සේනා සංවිධානයේ මෙම දෙබිඩි ප්‍රතිපත්තිය නිසා මහින්ද රාජපක්ෂ මහතා තවත් අස්ථාවර තත්වයකට පත්ව ඇති බව දේශපාලන විශ්ලේශකයින්ගේ මතයයි.
Views: 0









