මහින්ද පිළේ ඉත්තෙක් බිලි දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඒ වෙනුවට නැගෙනහිර පළාත් සභාවේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී අමීර් අලී මහතා පත් කිරීම මහින්ද පිළ වැටී ඇති අර්බුදය ප්‍රකාශ කරන්නක් බව හෙළි වේ.

මේ වනවි‍ට මෛත්‍රී පාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත් වී සතියක් පමණක් ගෙවී තිබියදී ඉතා කුඩා මුස්ලිම් පක්ෂයක ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පිරීනැමීමට තරම් තත්වය බරපතල වී ඇති බව දේශාපලන විශ්ලේෂකයන්ගේ මතයයි.

රාජපක්ෂ හිතවාදියෙකු වශයෙන් අස්වර් මහතා ප්‍රකටව සිටි අතර පාර්ලිමේන්තුවේදී ඔහු විරුද්ධ පක්ෂයට දැඩි ලෙස බාධා කළ පුද්ගලයෙක් වේ.

Facebook
Twitter
LinkedIn