පොලොන්නරුවේ සහල් මිල එක එක ගණන්

පොලොන්නරුවේ සහල් මිල එක එක ගණන්

මේ වනවිට පොළොන්නරුවේ සිල්ලර වෙළඳසැල්වල එකම සහල් වර්ගය විවිධ මිල ගණන්වලට අලෙවි කෙරෙමින් පවතින බව වාර්තා වේ.

නාඩු සහල් කිලෝවක් රුපියල් 117ක මිල කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 145ක් මිලකටත් කීරි සම්බා රුපියල් 170ක මිලටත් තමන්ට ලබා ගැනීමට සිදු වී ඇති බව සහල් පාරිභෝගියන් ප්‍රකාශ කරති.

පොලොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී ව්‍යාපාරිකයොන් මාධ්‍ය සාකච්ඡා කැඳවමින් කියා සිටියේ නාඩු සහල් කිලෝවක් රුපියල් එක එකසිය දහයකටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් එක එකසිය 140 කටත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 165කටත් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතම් සිල්ලර සහල් වෙළඳුන් හිතු හිතූ ලෙස සහල් අලෙවි කිරීමත් ඊට මිල පානයක් නොමැති කමත් නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සහල් පාරිභෝගියන් සඳහන් කරති.

සිල්ලර වෙළඳුන් පවසන්නේ සහල් නිෂ්පාදක‍ෙන් මාධ්‍යයට ප්‍රකාශ කළ මිලට සහල් ලබා නොදෙන බවත් ප්‍රවාහන ගාස්තු හා කවර සඳහා වැඩි මිලක් ලබා දීමට සිදුව ඇති බවත්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්