සහල් නිෂ්පාදකයින්, තොග සහ සිල්ලර වෙළඳුන් අනුර හමුවෙයි…

සහල් නිෂ්පාදකයින්, තොග සහ සිල්ලර වෙළඳුන් අනුර හමුවෙයි…

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමණය කරමින් තිබෙන ප්‍රතිපත්ති හේතුවෙන් තමන් මේ වනවිට මුහුණ දෙමින් සිටින අර්බුදකාරී තත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය හා අත්‍යවශ්‍ය තොග සහ සිල්ලර වෙළඳ සංගමය අද (10) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙහිදී සහල් මාෆියාව හමුවේ කුඩා හා මධ්‍යපරිමාණ මොල් හිමියාට එල්ලවන පීඩනය, ගොවියාට සහ පාරිභෝගිකයාට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් මෙහිදී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සාකච්ඡා කළ අතර ඊට ඇති විසඳුම් සම්බන්ධයෙන් වූ යෝජනා පිළිබඳවද එහිදී සාකච්චාවට භාජනය වී ඇත.

එමෙන්ම ආණ්ඩුව මෙම අනුගමණය කරන ක්‍රියාමාර්ග තුළ අත්‍යවශ්‍ය තොග සහ සිල්ලර වෙළඳුන්ට මුහුණදීමට සිදුව ඇතී අනීතික බලපෑම්, ඒ තුළින් ඇතිවන පීඩනය සහ ඒ හරහා පාරිභෝගිකයාට මුහුණදීමට සිදුවන අසාධාරණය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇති අතර මෙම තත්වය ඇතිවීමට හේතු සහ එයට විසඳුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

මෙම සාක්ච්ඡාව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, එහි ලේකම් ටී.බී සරත් ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්