දූෂණයෙන් තොර ඉදිරි ගමනකට ජනපති සහාය ඉල්ලයි…

දූෂණයෙන් තොර ඉදිරි ගමනකට ජනපති සහාය ඉල්ලයි…

ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

මේ අතර එක නීතියක් එක රටක් යන තේමාව යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යෑමට සහාය දෙන්නැයි ජනාධිපතිවරයා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමකට ලක්ව ඇතත් ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් එම කාල සීමාවේදී කර ඇතැයි පැවසූ ජනාධිපතිවරයා කොවිඩ් පාලනයට කැපවූ සියලු දෙනාට ස්තූතිය පුද කරන බවද ප්‍රකාශ කරයි

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැති සම්මාන පෙළපාළිය පිළිගැනීමෙන් අනතුරුවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්