නොර්වේහි ඔස්ලෝ නුවරදී පැවැති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ ඩොනල් ඉන්ද්‍රවංශ එහිදී අතුරුදහන් වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර දින ඔහු අතුරුදහන් වී ඇති බවත් එම තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ සෙසු සියලුම සාමාජිකයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණී බවත් මේ අතර වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම තරඟ සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනකු ඇතුළු සාමාජිකයන් හත් දෙනකු ඇතුළත්ව සිටින ලදී.
එම නිලධාරියා එම කණ්ඩායම සමග ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ලද්දේ පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා ය.
ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය ආරම්භ වූයේ මේ මස 02 වැනිදා ය.
Views: 0











