කොරෝනා ආසාදිතයන්, මරණ හා PCR වල සීඝ්‍ර අඩුවීමක්

කොරෝනා ආසාදිතයන්, මරණ හා PCR වල සීඝ්‍ර අඩුවීමක්

මේ වනවිට රට තුළ කොවිඩ් – 19 ආසාදිතයන් වාර්තා වීමේ මිය යාමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබේ. රෝහල් ගතවන රෝගීන්ද ඉට සාපේක්ෂව අඩුවී ඇති බැවින් රෝහල්වල පැවති රෝගීන්ගේ තදබදයද අඩුවෙමින් පවතී.

ඊයේ (29) දිනයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ ප්‍රමාණය දහස ඉක්මවා නොගිය අතර එය 941කි. එමෙන්ම සැප්.28වනදා මියගිය ආසාදිතයින් ගණන 61කි. ඊයේ දිනයේ ආසාදිතයන් 770 දෙනෙකු සුවවීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ වසංගත අධ්‍යයනය ඒකකය මගින් අවසන්වරට නිකුත් කළ දෛනික තත්ව වාර්තාව අනුව 28වනදා සිදු කර ඇති PCR ප්‍රමාණය 7,231 හා ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණය 3,823කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්