ව්‍යාපෘති 7000ක් ගැන ජනාධිපති එක්සත් ජාතීන්ට කියලා

ව්‍යාපෘති 7000ක් ගැන ජනාධිපති එක්සත් ජාතීන්ට කියලා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වෙනි සැසිවාරය අමතමින් එන්.ජී. රාජපක්ෂ ජනාධිපති මෙරට තුළ සූර්ය බල ව්‍යාපෘති 7,000ක් අරම්භ කරන බව ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ලද නිවේදනයක මේ බව දැක්වේ. “රටපුරා කුඩා ප්‍රමාණයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති 7,000ක ආයෝජනය කිරීමට එක්වන ලෙස ශ්‍රී ලංකාව ව්‍යවසායකයින්, කුඩා ව්‍යාපාර සහ ප්‍රජා සංවිධාන දිරිමත් කරමින් සිටින අතර රටේ විශාලතම සුළං විදුලි බලාගාරය ද මෑතකදී විවෘත කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.” යනුවෙන් දක්වා තිබේ.

එහෙත් මේ වන විට මෙරට තුළ ක්‍රියාත්මක යුගදනවි බලාගාරය ගෑස් බලාගාරයක් බවට පරිවර්තනය කිරීම සහ මෙම බලාගාරයට අමතරව ඉදිකරන සහ දැනට පවතින කැලණිතිස්ස බලාගාරය යන බලාගාර සියල්ල ඇමරිකානු නිව් ෆෝට්ට්‍රස් එනර්ජි සමාගමට පැවරීමේ ගිවිසුම හොර රහසේ අත්සන් කර තිබේ. මෙසේ තිබියදී ජනාධිපති එක්සත් ජාතීන් හමුවේ සූර්ය බල ශක්ති ව්‍යාපෘති 7,000ක් ආරම්භ කරන බව ප්‍රකාශ කිරීම කෙතරම් විශ්වාසනීය තත්වයක් දැයි ගැටළු මතුවන බව විදුලිය වෘත්තීය සංගම් පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්