අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
ඒ අනුව කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා බැසිල් රාජපක්ෂ මුදල් ඇමති සමග පැවති සාකච්චාවේදී ඉට ඔහුගේ අනුමැතිය හිමිව තිබූ අතර පසුව පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවේදී අවධානය යොමු කෙරුණි. පසුව එය අද පැවැත්වෙන ඇමති මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට තීරණය කර තිබිණි.
කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුව රුපියල් 200කින්, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 80කින්, ගෑස් රුපියල් 550කින්, සිමෙන්ති රුපියල් 50කින් සහ තිරිඟුපිටි රුපියල් 10කින් මිල ඉහළ නැංවීමට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවේදී සාකච්ඡා වී ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්විමේදී ගැනීමට නියමිතය.










