ඉදිරි පැය 24 ගැන අවවාදාත්මක කාලගුණ නිවේදනයක්

ඉදිරි පැය 24 තුළ නිරිතදිග කොටසේ වැසි තත්වය සහ දිවයින හරහා විටින්විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බවත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්