ඇඳන් 06ක නිදියන ඇමතිකෙනෙක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්…

ඇඳන් 06ක නිදියන ඇමතිකෙනෙක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්…

පුශු සම්පත් රාජ්‍ය ඇමති ඩී.බී හේරත් මහජන මුදලින් පෞද්ගලික පරිහරණය සඳහා ගෘහ භාණ්ඩ සහ උපකරන රැසක් ලබාගෙන ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න හෙළිකරයි.

මෙම කරුණු හෙළිකරනු ලැබූවේ අද (26) පෙරවරුවේ ලිඛිත සාක්ෂි සහිතව මාධ්‍ය හමුවක් පවත්වමිනි. පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ඩී.බී හේරත් ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ධම්මික රත්නායක විසින් ගෘහ උපකරණ සහ භාණ්ඩ 48ක ලේඛනයක් ඉදිරිපත් කර ඇත. එයින් කොටසක් මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවසට ලබාගෙන ඇත. කොළඹ 07 පිහිටි එම නිල නිවස අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 50ක් වැය කර ඇති බවද එම මාධ්‍ය හමුවේදී හෙළි කරනු ලැබීය.

මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික සන්ජීව කරුණාසාගර, වාරියපොල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුජීව දිසානායක යන අයද එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්