සැප්තැම්බර් 26 වෙනි දින පල කර තිබෙන දිවයින පුවත්පත පාස්කු ප්‍රහාරය සහ හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සාලේ සම්බන්ධ කරමින් මෙරට තුළ මුල්වරට ප්‍රධාන මාධ්‍යයකින් තොරතුරු වාර්තා කර තිබේ.
දිවයින පුවත්පතේ “ආරක්ෂාව” විශේෂාංගය තුළින් එම වාර්තාව කීර්ති වර්ණකුලසූරිය ලේඛකයා ඉදිරිපත් කර ඇත. ඔහු මේ සඳහා සුනන්ද දේශප්‍රිය හෙවත් රංජි මල්ලී මූලාශ්‍ර කරගනිමින් ඒ බව “එම තොරතුරු සොයාගෙන ඇති ස්විස්ට්ර්ලන්තයේ සිටින බොරු ශර්ලොක්ස් හෝම්ස්ය. ඒ 1991 වසරේ කැරලිකරුවෙකු වූ රංජි මල්ලී හෙවත් සුනන්ද දේශප්‍රිය නැමැත්තායි.” ලෙස දක්වා තිබේ.
දිවයින වාර්තා කරන අන්දමට හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සාලේ සම්බන්ධයෙන් දක්වා තිබෙන්නේ “මේ අතර යහපාලන රජය විසින් හමුදා බුද්ධි සේවයෙන් ඉවත් කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ නම යලිත් පාස්කු කරලියට පැමිණ ඇත. සුරේෂ් සාලේ ප්‍රමුඛ හමුදා බුද්ධි සේවාව පාස්කු ප්‍රහාරයට වගකිවයුතු බව සනාත කිරීම සඳහා මේ මෙහෙයුම දියත් වී ඇත.” යනුවෙන් වාර්තා කර සිටී.









