ගම්මන්පිලගේ පුටුවට ආණ්ඩුව කැළඹෙයි

ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල ඇමතිවරයා දැරූ බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සේවා හා පාරිසරික අමාත්‍ය ධූරයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු අතර තරගයක් ඇති වී තිබේ. මෙම තරගය පළාත් සභාවේ ආණ්ඩුවේ පැවැත්මටද බලපෑමක් එල්ල කිරීම දක්වා වර්ධනය වෙමින් තිබෙන බවද වාර්තා වේ.

පළාත් සභාවේ හිටපු ඇමතිවරුන් තිදෙනෙකු වන හෙක්ටර් බෙත්මගේ, සභානායක ගාමිණී තිලකසිරි හා සුනිල් ජයමිණි යන මන්ත්‍රීවරුන් තිදෙනා අතර අමාත්‍ය ධූරය වෙනුවෙන් මෙම තරගය පවතී. බොහෝ දුරට එය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බව පැවසේ. මෙම මන්ත්‍රීවරුන් තිදෙනා පිටුපස ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙකු සිටිමින් ඔවුන් මෙහෙයවමින් බවටත් හෙළිවේ.

Facebook
Twitter
LinkedIn