තවත් කොවිඩ් මරණ145ක්…

තවත් කොවිඩ් මරණ145ක්…

අද (04) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාව අනුව පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ (03) මරණයට පත්ව තිබේ.

ඒ අනුව කාන්තාවන් 68 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 77 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 9,951ක් දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 60 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 10වන ස්ථානයේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්