කොරෝනා ආසාදිතයින් උහුලා ගත නොහැකි මට්ටමට ලඟාවේ

කොරෝනා ආසාදිතයින් උහුලා ගත නොහැකි මට්ටමට ලඟාවේ

වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගතය හමුවේ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 60,000ද ඉක්මවා එය දරා ගත නොහැකි මට්ටමට පත්වී තිබේ.

ජනාධිපතිවරයාගේ නිල වෙඩ් අඩවියට අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ඊයේ දිනය අවසන්වන විට 61,429ක් දක්වා ඉහල ගොස් තිබිණි. එම ආසාදිතයින් රෝහල් තුළ සහ නිවාස තුළ ප්‍රතිකාර ලබන්නන්ය.

මහ බැංකු වාර්තාවට අනුව පසුගිය වර්ෂය අවසන් වන විට රජයේ රෝහල්වල තිබූ සමස්ත ඇඳන් සංඛ්‍යාව 77,121කි. මේ අනුව කොරෝනා වසංගතය හමුවේ ආණ්ඩුව ගෙන ගිය ක්‍රියාමාර්ග නිසා වසංගතය මේ වනවිට අපේ සෞඛ්‍ය පද්ධතියට කිසිසේත් දරාගත නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව තහවුරු වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්