කොරෝනා වසංගතය සීග්‍රයෙන් ව්‍යාප්තවීම හමුවේ රට වසා දමන ලෙස ඉල්ලා ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ සහ කණ්ඩායම් නායකයින් විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීම සම්බන්ධව ඔහු අතිශය කෝපයට පත්වූ බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය ඉරිදා Sunday Times පුවත්පතේ දේශපාලන විශ්ලේෂණ සටහනේ පරිවර්තනය අද (2) ලංකාදීප පුවත්පතෙහි පළ කර තිබේ.
“ලිපියේ අන්තර්ගතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිශයින් කෝපයට පත්කිරීමට සමත්විය. ඔහුගේ පළමු ප්‍රතිචාරය වූයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට ගත් දුරකතන ඇමතුමකි. ලිපියට අත්සන් තැබීම සම්බන්ධයෙන් ඇමතිවරයාට දැඩිව දොස් පැවරූ ඔහු, ජනාධිපතිවරයා ලෙස තමන්ට වුවමනා නම් ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට පවා හැකියාව පවතින බවට අනතුරු ඇඟවූයේ ය.” යනුවෙන් එහි පළකර තිබේ.
ඉන්පසුව උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර ඇමතිවරුන් වෙත ද, ජනාධිපතිවරයාගේ කෝපය ප්‍රකාශ කර ඇත. Sunday Times පුවත්පත උදය ගම්මන්පිල ඇමතිවරයාගෙන් මෙම කරුණු සනාථ කර ගෙන තිබේ. වැඩිදුරටත් උදය ගම්මන්පිල ඇමතිවරයා “මෙයින් ජනාධිපතිවරයාට කිසිදු ආකාරයක අපහසුතාවයක් වනු ඇතැයි අපට මොනයම් හෝ ආකාරයක අදහසක් තිබුණේ නෑ. ඒ සම්බන්ධයෙන් අපි සෑම දෙනාම අපගේ දැඩි කණගාටුව පළකර සිටියා.” යනුවෙන් ප්‍රකාශ කර ඇත.










